බන්ධනාගාර රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම. ශානිගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂණ සිදු කර ඇත්තේ පක්ෂග්‍රාහීව ලු.

0
302
- Advertisement -
Share

බන්ධනාගාර රැදවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම.
ශානිගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂණ සිදු කර ඇත්තේ පක්ෂග්‍රාහීව ලු.

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ කැරැල්ලේදී රැඳවියන් විසිහත් දෙනකු මියයාමේ සිද්ධියට අදාළ ප්‍රධාන සාක්ෂිකරු ඇතුළු සාක්ෂිකරුවන් කිහිප දෙනකු ලබාදුන් මුල් ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබියදී අතුරුදන් වී තිබෙන බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (06 වැනිදා) අනාවරණය විය.

වැලිකඩ බන්ධනාගාර සිද්ධියේ පළමු සාක්ෂිකරු මෙන්ම ප්‍රධාන සාක්ෂිකරු ද වන එවකට වැලිකඩ බන්ධනාගරයේ ප්‍රධාන ජේලර් පල්ලේකුඹුර වලව්වේ කුඩා බණ්ඩාර නමැති අය 2012 නොවැම්බර් 10 වැනි දින ලබා දුන් මුල් ප්‍රකාශය සහ බන්ධනාගාර ගත රැඳවියකු වන සෙනරත් බන්දුල ලියනාරච්චි, මරණ දඬුවම විඳින රැඳවියකු වන ඉන්දික පෙරේරා ලබාදුන් මුල් ප්‍රකාශ මෙලෙස අතුරුදන් වී ඇතැයි ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය විය.

වැලිකඩ බන්ධනාගාර සිද්ධියට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර ඇත්තේ පක්ෂග්‍රාහීව බවත්, එම සිද්ධියේ ප්‍රධානතම සාක්ෂිය අතුරුදන් වීම තුළින් එය මනාව පැහැදිලි වන බවත් සඳහන් කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවගේ සාක්ෂියේදී ජනාධිපති කොමිසම හමුවේ ඉහත තොරතුරු අනාවරණය විය.

අරුණ පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 2 =