බදියුදීන් හොයාගන්න නෑ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
වෙනත් කිහිප දෙනෙක් අත් අඩංගුවට ගනී.
රිෂාද් බදියුදීන් අත් අඩංගුවට ගැනීම සදහා කණ්ඩායම් හයක් යොදවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ නමුත්, ඊයේ දිනයේ සිට මේ දක්වා, බදියුදීන් අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබී නැත.
කෙසේ වෙතත්, බදියුදීන්ගේ ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරියෙක්, ගණකාධිකාරීවරයෙක් සහ මන්ත්‍රීවරයා භාවිතා කළ මෝටර් රථ දෙකක් සහ ගිනි අවි දෙකක්, මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.