බදියුදීන් හිටපු අමාත්‍යවරයාගෙන් කිසිදු බලපෑමක් සිදු වූ වේ නෑ

0
1218
- Advertisement -

අත් අඩංගුවට ගත් සැකකරුවකු නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමක් හෝ වෙනත් කිසිදු බලපෑමක් හෝ හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගෙන් තමන්ට සිදු නොවූ බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි. හමුදා බුද්ධි අංශ විසින් අත් අඩංගුවට ගත් සැකකරුවෙකු පිළිබඳව විමසා බැලීමක් පමණක් රිෂාද් අමාත්‍යවරයා විසින් කර බවයි හමුදාපතිවරයා ප‍්‍රකාශ කර සිටියේ. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කටයුතුවලට රිෂාද් අමාත්‍යවරයා පමණක් නොවේ, ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ වෙනත් කිසිදු අමාත්‍ය වරයෙකු, මෙතෙක් කිසිදු බලපෑමක් නොකළ බව හමුදාපතිවරයා කියා සිටියේ ය.