බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා දින 90 ක් රදවා තබා ගැනීමට සී.අයි.ඩී යට අවසර..!

0
379
- Advertisement -

බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා
දින 90 ක් රදවා තබා ගැනීමට සී.අයි.ඩී යට අවසර..!


පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයාවන රියාජ් බදියුදීන් යන අය දින අනූවක කාලයක් රදවා තබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබී තිබේ.

අපේ‍්‍රල් විසි හතරවනදා,කොළඹ හත පිහිටි නිවසේ දී හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාද් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගනු ලැබී ය.

පැය හැත්තෑ දෙකක කාලයක් ඔවුන් රදවා තබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ මොහොතේ අවසර ලබාගෙන තිබුණු අතර, අද උදෑසන, එම පැය හැත්තෑ දෙකක කාලය අවසන් විය.

ඉන් පසුව, තවත් දින අනූවක කාලයක් ඔවුන් දෙදෙනා රදවා තබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවසර ලබා ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − four =