“බදියුදීන් සමග දේශපාලන ඩීල් එකක් රජයට නෑ.” ජනාධිපති කියයි.

0
150
- Advertisement -
Share
1 / 100

බදියුදීන් සමග දේශපාලන ඩීල් එකක් රජයට නෑ.
ජනාධිපති කියයි.

පාස්කු ප්‍රහාරයට සැක යයි පවසමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ සහොදරයා, පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදා හරින ලදී.

එමෙන්ම, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට වන්නියේ දී රිෂාද් බදියුදීන් මුණ ගැසුණු අතර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ද හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ට කිසියම් ආකාරයක චරිත සහතිකයක් ලබා දුණි.

මේ සියල්ල කිසියම් ආන්දෝලනාත්මක තත්ත්වයක් දේශපාලන කතිකාව තුළ නිර්මාණය කළේ ය. එය වැඩි වර්ධනය වූයේ, අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද මේ සංවාදයට මැදිහත් වීම සමගිනි. රිෂාද් බදියුදීන් අමාත්‍යවරයාගේ සහෝදරයා නිදහස් කිරීම, දේශපාලන ඩීල් එකක් යැයි තමන් සැක කරන බව කාදිනල් හිමිපානෝ මාධ්‍ය හමුවේ පවසා සිටියේ ය.

මේ සියල්ලට අදාලව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුගේ නිල ෆේස් බුක් පිටුවේ සටහනක් යොදා තිබේ.

එම සටහනින් ජනාධිපතිතුමා පවසන්නේ, බදියුදීන් මන්ත්‍රීවරයා සමග කිසිදු දේශපාල ගනුදෙනුවක් හෙවත් ඩීල් එකක් තමන්ගේ රජයට නැති බවයි.

ජනාධිපතිවරයා, ඔහුගේ ෆේස්බුක් ගිනුමේ තබා ඇති සටහන පහත දැක් වේ.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මාගේ රජයේ පළමු සහ ප්‍රධාන වගකීමයි. එය සාක්ෂාත් කිරීම සඳහා දැනටමත් නිසි පියවර ක්‍රියාත්මක කර ඇත.මේ භූමිය මත ජනවාර්ගික, ආගමික හෝ වෙනත් කවර ආකාරයකවත් ත්‍රස්තවාදයකට හෝ අන්තවාදයකට ඉඩ නොතබන අතර සෑම පුරවැසියෙකුටම බියෙන් සහ සැකයෙන් තොරව ජීවත්වීම සඳහා ඇති අයිතිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බව සහතික වන්නෙමි.2019 අප්‍රේල් මස 21 වැනි දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට හේතු වූයේ ආරක්ෂක කේෂ්ත්‍රයේ සිදු වූ බරපතල කඩාවැටීමත්, ත්‍රස්තවාදයට සහ අන්තවාදයට උඩගෙඩිදෙන දේශපාලන හා සමාජ පසුබිමක් ශ්‍රී ලංකාව තුල ගොඩනැගී තිබීමත්ය. එබැවින් ත්‍රස්තවාදය හෝ අන්තවාදය හෝ පෝෂණය කරනු ලබන සියලුම මාර්ග සහ ක්‍රියාකාරකම් අහුරාලීමට අවශ්‍ය නිශ්චිත පියවර ගැනීමට අප රජය පසුබට වී නැත.පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් මඟින් පූර්ණ විභාගයක් සිදු කෙරෙමින් පවතී. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදුකරමින් සිටී.එම විභාග සහ පරීක්ෂණ වලට අනතුරුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇත.පසුගිය කාලයේ සිදුවූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්තනෝමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයින් අතට පත්කිරීමට මා සූදානම් නැත. එය නිසි පරීක්ෂණ වලින් පසු අදාළ බලධාරීන් විසින් නීත්‍යානුකූලව ඉටුකෙරෙනු ඇත.අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් වී ඇත්නම් ඒවා නිවැරදි කිරීමට ද මම කටයුතු කරමි.රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගණුදෙණුවක් (ඩීල් එකක්) අප රජය ඇතිකරගෙන නොමැති බැව් අවධාරණය කරමි. මෙතෙක් කල් ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේදී ද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියාකරන බැව් ජනතාවට සහතික කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − 4 =