බදියුදීන් සජිත්ලාගෙන් වෙන් වෙයි…!

0
632
- Advertisement -

ඉදිරි මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය සමග එක්ව තරග කිරීමට, එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයන් බොහෝ දෙනෙකු පසුගිය සිකුරාදා වන විට තීරණය කර තිබුණි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම්, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු පක්ෂ නායකයන් සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවට සහභාගී වී තිබුණු අතර, රිෂාද් බදියුදීන් මහතා ඊට සහභාගී වී තිබුණේ නැත.

මේ අතර, රිෂාද් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ආණ්ඩුව සමග සම්බන්ධ වීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. දැනට ඇමරිකාව බලා පිටව ගොස් සිටින බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණීමෙන් පසුව, මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට රිෂාද් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සූදානමින් සිටින බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + six =