“බදියුදීන් ව හොයා ගන්නත් බෑ.
අපිත් මධුමාධව අරවින්ද දවස් 35 ක් හංගාගෙන හිටියා.”
ඇමති ගම්මන්පිල පොලිසියට සරදම් කරයි.
අත් අඩංගුවට ගැනීමේ නියෝග ලබා සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මේ වනතුරුත් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වීම සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින්, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, පොලිසිය මීට වඩා කාර්යක්ෂම විය යුතු යැයි පවසා සිටියේ ය.
පසුගිය ආණ්ඩුව සමයේ, මේ ලෙසම, අත් අඩංගුවට ගැනීමේ නියෝග ලබා සිටි මදුමාධය අරවින්ද, දින 35 ක් සගවා තබා ගැනීමට තමන්ට හැකි වූ බව ද ඔහු මතක් කළේ ය.
එසේම, බදියුදීන් ට, අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයෙන් ම සයායක් ලැබෙනවා ද යන්න සැක සහිත බවද අමාත්‍යවරයා පවසා සිටියේ ය.