බදියුදීන් ගේ සම්බන්ධීකරණ ලේකම් අත් අඩංගුවට ගැනීම.

0
536
- Advertisement -
Share

ඩෙටනේටර් 6 ක් සමඟ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු පොලිස් අත් අඩංගුට පත්ව ඇති බව සමාජ මාධ්‍ය ජාල වාර්තා කර තිබුණි. මේ ප‍්‍රවෘත්තියේ සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අපි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා සම්බන්ධ කර ගත්තෙමු. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතාට අනුව, අදාල ඩෙටනේටර් ප‍්‍රමාණය හමු වී ඇත්තේ අඩම්පන්, වෙඩිකලතිව් ප‍්‍රදේශයේ කඩ පේලියක් පිටුපස වළ දමා තිබිය දී ය. අදාල කඩ පේළියට කඩ හතක් අයත් අතර, එම කඩ හත මුස්ලිම් ජාතිකයන් 04 දෙනෙකු විසින් බදු පදනම මත ලබා ගෙන තිබේ. කඩ පේලිය පිටුපස තිබී හමු වූ ඩෙටනේටර් පිළිබදව ප‍්‍රශ්න කිරීම සදහා අදාල පුද්ගලයන් 04 දෙනාම අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අතර සිටින අබ්දූල් හමිදු සනූෂ් නම් පුද්ගලයා, රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු බව පැවසේ. කෙසේ වෙතත්, අදාල පුද්ගලයා රිෂාඩ් අමාත්‍යවයරාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් බව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නැත. අත් අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනාම මන්නාරම මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් සියලූ දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ හඩ පටය පහළින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + two =