බදියුදීන්ට ඇප ලැබේ.

0
71
- Advertisement -

මෙහෙකාර තරුණිය මිය යාමේ සිද්ධිය.
බදියුදීන්ට ඇප ලැබේ.


පසුගිය ජූලි මාසයේ 15 වනදා, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 16 හැවිරිදි තරුණියක සිය දිවි නසාගෙන තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් රිෂාද් බදියුදීන්ගේ බිරිද, බිරිදගේ සහෝදරයා, බිරිදගේ පියා සහ තරුණිය මෙහෙකාර සේවය සදහා බදියුදීන් නිවසට සපයා දුන් තැරැව්කරු අත් අඩංගුවට පත් විය.

ඔවුන් සියළු දෙනා ඇප මත මුදා හැර තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් බදියුදීන්ට ඇප නොලැබුණි.

තරුණිය මිය යාමේ සිදුවීම වාර්තා වන විටත් රිෂාද් බදියුදීන්, පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබුණි.

කෙසේ වෙතත්, තරුණිය මිය යාමේ සිද්ධියට අදාලව අද දිනයේ දී කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය බදියුදීන්ට ඇප ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − 3 =