බදියුදීන්ගේ සාක්ෂිය අද නොවේ හෙට…!

0
320
- Advertisement -
Share

පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ෂණය කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස, ඊයේ දිනයේ දී, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට දැනුම් දී තිබුණි. ඒ අනුව, බදියුදීන් හිටපු අමාත්‍යවරයා ඊයේ දිනයේ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට සූදානමින් සිටියද, කාල වේලාව මද කම නිසා, කමිටුව ඔහුගෙන් සාක්ෂි ලබා ගැනීම හෙට දිනය දක්වා කල්තබා තිබේ. ඒ අනුව, මීළඟට රැස්වන තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට හිටපු අමාත්‍යවරයා සූදානමින් සිටින බව වාර්තා වේ. හෙට, එනම් ජූනි මාසයේ 28 වන දා සවස දෙකට තේරීම් කාරක සභාව යළි රැස් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + 15 =