බදියුදීන්ගේ වත්කම් බැරකම් ඉල්ලයි.

0
830
- Advertisement -

2015-2018 වසරවල රාජ්‍ය ආයතනයන්හී සිදු ව ඇති දූෂණ අක‍්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසම් සභාව විසින්, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. අද උදෑසන 10.00 වන විට අදාල ප‍්‍රකාශ ජනාධිපති කොමිසම වෙත ලැබීමට සලස්වන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී තිබේ. හිටපු අමාත්‍ය බදියුදීන් මහතාට එරෙහිව, තීනියාවල පාලිත හිමියන් ජනාධීපති කොමිසමට කරන ලද පැමිණිල්ලකට අදාල විමර්ෂණ කටයුතු සඳහා කොමිසම මෙම තොරතුරු ඉල්ලා තිබේ.