බදවාගත් උපාධිදාරීන් 42,000 ට දෙනවා කී රු 20,000 දීමනාව තවමත් ලබා දී නෑ.

0
623
- Advertisement -

රජය විසින් බදවා ගනු ලැබූ උපාධිදාරී 42,000 ක් සදහා සදහා, මාසිකව ලබා දෙන රුපියල් 20,000 දීමනාව මෙතෙක් එම උපාධිදාරීන්ට ලැබී නැති බව වාර්තා වේ.

රජය, මෙම උපාධිදාරීන්ට පත්වීම් ලිපි යවා තිබුණද, මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර තිබෙන බැවින්, පත්වීම සමග ලබාදෙන පුහුණුව තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම රජයට දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත්, කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, පුහුණුව අත් හිටුවා තිබුණද, මාර්තු මාසයේ සිට මෙම උපාධිදාරීන් සදහා රුපියල් 20,000 ක දීමනාවක් ලබා දෙන බවත්, එය ඔවුන්ගේ බැංකු ගිණුමට ස්ථිරවම බැර වෙන බවත් ය.

අමාත්‍යවරයා එසේ ප‍්‍රකාශ කලද, මේ වන තෙක්, අදාල දීමනාව එම උපාධිදාරීන්ට ලැබී නැති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + 18 =