බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට නව පිවිසුම් මාර්ගයක්

0
476
- Advertisement -

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පිවිසීම සඳහා නව මාර්ගයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

කාර්යබහුල අවස්ථාවලදී පැමිණෙන හා පිටවන විශාල මගීන් ප්‍රමාණය හේතුවෙන් එහි ප්‍රවේශ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවන බැවින් මෙම පියවර ගත් බව සම කැබිනට් ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා පැවසුවා.

මිනුවන්ගොඩ මාර්ගයේ සිට ද්විත්ව මතීරු මාර්ග දෙකක් මෙහිදී ඉදිකිරීමට නියමිතයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + 18 =