බණ්ඩාරගමදි පොලිසියට පහර දුන් 4ක් අත්අඩංගුවට.

0
248
- Advertisement -

බණ්ඩාරගම ’’අටුලුගම -31 කල්ලියේ’’ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන රැගෙන ඒමට සූදානම් වෙද්දී පොලිස් නිලධාරීන්ට පහරදෙමින් රාජකාරියට බාධා කරමින් කලහ කාරි ලෙස හැසුරුණු පුද්ගලයන් 4 දෙ​නෙකු අත්අඩංගුවට බව බණ්ඩාරගම පොලීසිය කියයි

ප්‍රධාන සැකකරු වන ගොටුකොළ රිෆායි නමැත්තා ඇතුළු තවත් කීපදෙනකු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇතැයි පොලිසිය කියයි

අත්අඩංගුවට කාන්තාවන් තිදෙනා අතර ප්‍රධාන සැකකරුගේ බිරිඳවන මං සිලා හා දියණියන් දෙදෙනා ද සිටින බව පොලීසිය කියයි.

මෙම සිද්ධියෙන් බණ්ඩාරගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් හා කාන්තා පොලිස්තු සැරයන්වරියක් හා කොස්තාපල්වරියක් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි

හොරෙයින් මත්කුඩු ,මාවා ,මත් පෙති ,හා ගංජා ජාවාරමේ යෙදෙන අටුලුගම 31 කල්ලියේ ප්‍රධාන ජාවාරම්කරු වන “ගොටුකොළ “රිෆා‍‍‍‍‍‍‍යි”නමැත්තාගේ නිවසේ ගංජා තිබෙන බවට පොලිසියට ලද තොරතුරක් අනුව පොලිස් උපාය දූතයකු හරහා ඒ බව තහවුරු කර ගත් බව පොලිසිය කියයි

ඒ අනුව කාන්තා පොලිස් ,නිලධාරිනියන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරින් හත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අටුලුගම මාරාව නිවසට ගොස් ප්‍රධාන සැකකරු වන “ගොටුකොළ රිෆා‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ට” අත් මාංචු දැමීම සඳහා සූදානම් වීමේදී නිවසේ සිටි කාන්තාවන් ,පිරිමි පුද්ගලයන් මෙන්ම අවට නිවාස පදිංචි ඔවුන්ගේ ඥාතීන් පිරිවර

එම නිවසට කඩා වැදී පොලිස් නිලධාරීන් සමඟ පොරබදා ඔවුන්ට පිරිමි පුද්ගලයන් පහර දෙද්දී කාන්තාවන් ඔවුන්ව සපා කා ඇති බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

එම අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු එහි සිටි පිරිමි පුද්ගලයන් එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර පොලිස් නිලධාරීන් ඒ බව බණ්ඩාරගම පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව අමතර පොලිස් කණ්ඩායමක් මෙන්ම අගුරුවාතොට මිල්ලනිය හා මොරන්තුඩුව පොලිස් ස්ථාන වලින් හා පොලිස් විශේෂ කාර්ය බලකාය ද එම ප්‍රදේශයට කැඳවීමට පියවර ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය .

අනතුරුව ප්‍රදේශයේ පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන්ට පහරදෙමින් සැකකරු වක් පොර බදා හපා කෑම හේතුවෙන් පොලිස් නිලධාරීන් කීපදෙනෙකුගේ ශරීරයේ ස්ථාන කීපයකට තුවාල සිදුවී ඇති අතර පොලිස් කාන්තාවගේ නිල ඇඳුමක ට ද හානි වී ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය .

වලාන දූෂණ මර්දන මර්ධන ඒකක බිටා නිල සුනඛයා එම නිවසට ගෙන්වා සිදුකළ සිදුකළ පරීක්ෂාවේදී නිවසේ ඉහළ මහලේ මුළුතැන්ගෙයි

කබඩ් එකක් තුළ සඟවා තිබූ කේරල ග්‍ර්ම්, 500 සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

අද වෙබ් පිටුව ඇසුරෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × one =