බඩ ඉරිගු වවන්න නිශ්ශංක සේනාධිපතිගේ සමාගමට අක්කර පන්දහසක්.

0
247
- Advertisement -
Share
4 / 100

බඩ ඉරිගු වවන්න නිශ්ශංක සේනාධිපතිගේ සමාගමට අක්කර පන්දහසක්.

බඩ ඉරිගු වගා කිරීම සදහා අක්කර පන්දහසක භූමි ප‍්‍රමාණයක් ඇවන්ට්ගාර්ඞ් සමාගමට අනුබද්ධ ඇවන්ට් ඇග්රෝ සමාගමට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය එකගතාවය පළ කර තිබේ.

දැනට,දේශීය බඩ ඉරිගු නිෂ්පාදනය ප‍්‍රමාණවත් නොවන නිසා, බඩ ඉරිගු මෙට්රික් ටොන් ලක්ෂ දෙකක ප‍්‍රමාණයක හිගයක් පවතින බවත්, එම ප‍්‍රමාණය සම්පූර්ණ කර ගැනීම සදහා අක්කර 80,000 ක පමණ භූමි ප‍්‍රමාණයක බඩ ඉරිගු වගා කළ යුතුව ඇති බව වාර්තා වේ. මෙම භූමි ප‍්‍රමාණයෙන් අක්කර 40,000 ක ප‍්‍රමාණයක වගා කටයුතු කිරීම තමන්ට කළ හැකි බව ඇවන්ට් ඇග්රෝ සමාගම දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, නියමු ව්‍යාපෘතියක් ලෙස බඩ ඉරිගු වගා කිරීම සදහා ඇවන්ට් ඇග්රෝ සමාගමට අක්කර පන්දහස භූමි ප‍්‍රමාණයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය එකගතාවය පළ කර තිබේ.

මෙම බඩ ඉරිගු වගාව සදහා මත්ද්‍රව්‍ය භාවිතාව සම්බන්ධයෙන් වරදකරුවන් වී බන්ධනාගාරගතව සිටින සිරකරුවන් යොදා ගැනීමට නියමිතය. මේ ඔස්සේ ඔවුන් පුනරුත්ථාපනය කිරීම අපේක්ෂා කරයි.

අදාල ව්‍යාපෘතිය සදහා අවශ්‍ය පහසුකම් ඇවන්ට් ඇග්‍රෝ සමාගමට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය එකගතාවය පළ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − 3 =