බඩු ගත්තට මුදල් ගෙවන් නෑ.
සැපයුම්කරුවෝ සතොසට බඩු දීම අත්හරිති.
ගෙවිය යුතු මුදල් නොගෙවීම හේතුවෙන්, සැපයුම්කරුවන් සතොසට භාණ්ඩ සැපයීම අත්හිටුවා ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මේ හේතුව මත, වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, මිලදී ගැනීම් සදහා ගෙවීම් සිදු කිරීමට රුපියල් බිලියන දෙකක මුදලක් භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවද පුවත්පත වාර්තා කර තිබේ.
මෙම බිලියන දෙක ඉල්ලා ඇත්තේ, මෙතෙක් නොගෙවූ හිග බිල්පත් ගෙවීම සදහා නොව, අළුත් මිලදී ගැනීම් සදහා ගෙවීමට ය.
රජයේ ප්‍රධානතම සිල්ලර වෙලද සැල් ජාලය වන සතොස විසින් සැපයුම්කරුවන්ට ගෙවිය යුතු හිග බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 7.7 කි.
සහල් තොග නිසි පරිදි පවත්වාගෙන යෑම සදහා මේ වන විටත්, සතොසට රුපියල් බිලියන 2.2 ක ණය මුදලක් රාජ්‍ය බැංකුවකින් අනුමත කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, එම මුදල, පරිප්පු, සීනි, ටින්මාළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ලබා දෙන්නැයි, වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉල්ලා ඇති බවද පුවත්පත වාර්තා කරයි.
2014 වසරේ සිට සතොස පාඩු ලබන බව පවසා ඇති වෙළද අමාත්‍යවරයා, මේ වන විට එහි පාඩුව, රුපියල් බිලියන 19 කට වඩා වැඩි බවද පවසයි.