බගවන්තලාව බඹර ප්‍රහාරයකින් 15 දෙනෙක් රෝහලට.

0
491
- Advertisement -

බගවන්තලාව ප්‍රදේශයේ තේ වතුයායක වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයෙන් තුවාල ලබපු වතු කම්කරුවන් 15 දෙනෙකු බගවන්තලාව රෝහල වෙත අද ඇතුලත් කල බව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිළධාරි එ.එස්.කේ ජයසුරිය පවසනවා.

බගවන්තලාව පොලිස් වසමට අයත් ලින්ස්ටඩ් වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද උදෑසන 11ට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇත.

වතු කම්කරු කාන්තාවන් 11 දෙනෙක් සහ කම්කරුවන් 04 දෙනෙකු මෙම බඹර ප්‍රහාරයට ලක් වී ඇත.

තේ වත්තේ විශාල ගසක බැද තිබ බඹර කුඩුවක බඹර වදයකට උකුස්සෙකු පහර දිමෙන් ඇති වුනු තත්වය නිසා බඹරුන් තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබපු කම්කරුවන් පවසා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 15 =