බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම ආපසු එයි.

0
548
- Advertisement -

අද උදෑසන එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් දිවි ගලවා ගත් බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම, හැකි ඉක්මනින් ආපසු සිය රට බලා පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වේ. සිකුරාදා උදෑසන යාඥාව සදහා බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම නවසීලන්තයේ ක‍්‍රයිස්ට් චර්ච් නුවර පල්ලියක සිටිය දී ප‍්‍රහාරය එල්ල වී තිබුණි. ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී පල්ලිය තුළ දෙසීයකට වඩා වැඩි පිරිසක් සිට ඇති බව වාර්තා වේ. ප‍්‍රහාරකයන් එකම අවස්ථාවකදී පල්ලි දෙකකට ප‍්‍රහාර එල්ල කර තිබූ අතර ප‍්‍රහාරයෙන් 40 දෙනෙකු මිය ගොස් 20 කට වඩා වැඩි පිරිසක් බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ. ප‍්‍රහාරය සදහා පැමිණ සිටි එක් අයෙකු ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + 1 =