ප‍්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් තර්ජන. ග‍්‍රාම නිළධාරීන් පොලිස් ආරක්ෂාව ඉල්ලයි.

0
696
- Advertisement -

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රට පුරා කි‍්‍රයාත්මක කර තිබෙන ඇදිරිනීතිය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින පිරිස් වෙත, රුපියල් පන් දහසක දීමනාවක් ලබා දීමේ වැඩ සටහන කි‍්‍රයාත්මක කිරීමට නම්, තමන්ට පොලිස් ආරක්ෂාව අවශ්‍ය බව ශ‍්‍රී ලංකා ග‍්‍රාම නිළධාරීන්ගේ සංගමය පවසයි.

පන්දහසේ දීමනාව ලැබිය යුතු අයගේ නාම ලේඛන සකස් කිරීමේ දී අවස්ථා කිහිපයක දීම ග‍්‍රාමසේවා නිළධාරීන් ප‍්‍රාදේශීය දේශපාලඥයන්ගේ තර්ජනයට ලක්ව ඇති බැවින්, තමන්ට පොලිස් ආරක්ෂාව අවශ්‍ය බව දන්වමින්, අග‍්‍රාමාතා්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යොමු කළ බව, ශ‍්‍රී ලංකා ග‍්‍රාම නිළධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 1 =