ප‍්‍රහාරය ගැන මෛත‍්‍රී ජනපති කල්තියාම දැනුවත්.

0
556
- Advertisement -
Share

පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල වීමට පෙර, අඩුම වශයෙන් අවස්ථා තුනකදී, ඒ පිළිබදව බුද්ධි අංශ විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනුම්වත් කර ඇති බව වාර්තා වේ. මෙම දැනුවත් කිරීම් සිදු කර ඇත්තේ, රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී, නිලන්ත ජයවර්ධන මහතා විසිනි. අපේ‍්‍රල් මාසයේ 11 සහ අපේ‍්‍රල් 16 යන දෙදිනේ දී පෞද්ගලිකවම ජනාධිපතිවරයා මුණ ගැසී තිබෙන නිලන්ත ජයවර්ධන මහතා ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් තිබෙන බවට විදෙස් බුද්ධි අංශ විසින් වාර්තා කර තිබෙන බවට ජනාධිපතිවරයාට පවසා තිබේ. එම අවස්ථා දෙකට අමතරව, අපේ‍්‍රල් 20 වන දා ද අදාල ප‍්‍රහාරය පිළිබදව නිලන්ත ජයවර්ධන මහතා විසින් දුරකථනය ඔස්සේ මෛත‍්‍රීපාල සිිරිසේන මහතා දැනුවත් කර තිබේ. ඒ වන විට මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවුරුදු නිවාඩුව වෙනුවෙන් සිංගප්පූරුව බලා පියාසර කර තිබුණි. කොලොම්බෝ ටෙලිග‍්‍රාෆ් පුවත් වෙබ් අඩවිය මේ බව සදහන් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 3 =