ප්‍රවාහන පහසුකම් සහ වෛරසයෙන් ආරක්ෂා වීම සදහා අවශ්‍ය ආරක්ෂිත උපකරණ
ලබා නොදෙන්නේනම්, හෙද කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත් වනවා.
කොරෝනා ආසාදිතයන් සදහා ප්‍රතිකාර කරන හෙද සේවා කාර්ය මණ්ඩල වෙත, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පුද්ගලික ආරක්ෂක උපකරණ, සහ අවශ්‍ය ප්‍රවාහනය පහසුකම් සැපයීම රජය දිගින් දිගටම මග හරින්නේ නම්, හෙද කාර්ය මණ්ඩල කොරෝනා ප්රතිකාරවලින් ඉවත් වන බව, රජයේ හෙද සේවා සංගමය අනතුරු අගවයි.
කොරෝනා දෙවන රැුල්ලේ ව්‍යාප්තියත් සමග, හෙද සේවා කාර්ය මණ්ඩල තීරණාත්මක සේවාවක් සැපයූවද, ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට රජය සූදානම් නැති බව එම සංගමයේ ලේකම්, සමන් රත්නප්‍රිය මහතා චෝදනා කරයි.