ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද ඇමරිකානු සමුළුවට ලංකාවට ආරාධනා නෑ. ආරාධනා නැති රටවල් අතර චීනය සහ රුසියාව ද සිටියි.

0
112
- Advertisement -

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද ඇමරිකානු සමුළුවට
ලංකාවට ආරාධනා නෑ.
ආරාධනා නැති රටවල් අතර චීනය සහ රුසියාව ද සිටියි.

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබදවක් සමුළුව සදහා රටවල් 110 කට ආරාධනා ලැබී ඇති අතර, ආරාධනා ලැබූ රටවල් අතර ශ‍්‍රී ලංකාව නැති බව වාර්තා වේ.
සමුළුවට ආරාධනා නොලැබුණු රටවල් අතර, ශ‍්‍රී ලංකාවට අමතරව, චීනය සහ රුසියාවද සිටිති.

දකුණු ආසියානු කලාපයේ රටවල් අතර ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ නේපාලය වැනි රටවල් වේ.

ආරාධනා ලැබූ රටවල් 110 අතර, පිලිපීනය – තායිවානය සහ මෙක්සිකෝවද සිටියි.
සමුළුව සදහා තායිවානයට ආරාධනා කිරීම පිළිබදව චීනය සිය විරෝධය පළ කර තිබේ.

තායිවානය තමන්ට අයත් භූමියක් ලෙස චීනය සලකයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඞ්න්, දෙසැම්බර් 9 සහ 10 යන දිනවල සමුළුවට සහභාගී වේ.

මෙම සමුළුවේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් මුහුණ දෙන අභියෝග පිළිබදව සාකච්ඡ කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + eleven =