ප්‍රංශයේ – නොත්රඩෑම් බැසිලිකාවේ ත්‍රස්ත ප්‍රහාරයක්. කාන්තාවන් දෙදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙකු මිය යයි.
ප්‍රංශයේ නොත්රඩෑම් බැසිලිකා දේවස්ථානය තුළ සිදු වූ ත්‍රස්ත කි‍්‍රයාවකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයට ලක් වූ එක් කාන්තාවකගේ හිස කදෙන් වෙන්වන සේ කපා දමා ඇති අතර, පිරිමි පුද්ගලයාගේ උගුරු දණ්ඩ කපා දමා තිබේ. මියගිය අනෙක් කාන්තාව, දේවස්ථානයෙන් පිටතට පලා යෑමට සමත්ව තිබුණු ද, පිටත දී එල්ල වුණු පිහි ඇණුම් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ.
මෙය ත්‍රස්ත කි්රයාවක් බව, අදාල දේවස්ථානය පිහිටා ඇති නගරයේ නගරාධිපතිවරයා පවසයි.
මේ ප්‍රහාරයට ගොදුරු වූ ප්‍රංශයේ නීස් නගරයට, මීට පෙර, 2016 වසරේ දී ද ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර, එම සිදු වීමෙන් නිරායුධ මිනිසුන් 86 දෙනෙකු ඝාතනයට ලක් විය.එය සිදුව තිබුණේ ප්‍රංශය, ඔවුන්ගේ නිදහස් දිනය සමරන අවස්ථාවේ දීය. ජනතාව මැද්දට – ට්‍රක් රථයක් පදවාගෙන ඒමෙන් එම ඝාතනය සිදු විය.