හැටන් සිට මහනුවර දක්වා ධාවනය කෙරෙන සියලූම පෞද්ගලික සහ ලංගම බස්රථ අද පෙරවරුවේ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, හැටන් සිට මහනුවර දක්වා ධාවනය වන බස්රථ නාවලපිටිය බස්නැවතුම්පලට ඇතුළත් නොකිරීමට බලධාරීන් ගත් තීරණයට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය සිදු කරන බව වාර්තා වන අතර, මීට පෙර සිය බස්රථ නාවලපිටිය බස් නැවතුම්පලේදී මගීන් නංවා ගැනීමට අවස්ථාව ලබා දී තිබූ බවයි හැටන් සිට මහනුවර ලංගම සහ පෞද්ගලික බස්රථ සේවකයින් පවසන්නේ.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් හැටන් මහනුවර මාර්ගයේ ධාවනය කෙරෙන බස්රථ භාවිත කරන බොහෝ දෙනෙකු අද පෙරවරුවේ පීඩාවට පත්ව තිබෙනවා. නාවලපිටිය බස්නැවතුම්පලට ලංගම සහ පෞද්ගලික බස්රථ ඇතුළත් කිරීමට යළි අවසර ලබා දෙන තෙක් තමන් මෙම වර්ජනය අඛණ්ඩව කි්රයාත්මක කරන බවයි එම බස්රථ සේවකයින් පැවසුවේ.