පොළොන්නරුවට අයිස් වැස්සක්

0
443
- Advertisement -
Share

මාස හයකට අධික කාලයක් පොළොන්නරුවට පැවැති නියං තත්වය සහ වියළි කාලගුණික තත්වය නිමා කරමින් වැලිකන්ද ප්‍රදේශයේ සහ අවට ගම්මානවලට ඊයේ (09) සවස සිට අයිස් වැසි සමඟ අධික වැසි ඇඳ හැලෙමින් පවතින බව වාර්තා වෙනවා.

වැලිකන්ද මඟුල් පොකුණ, සිංහපුර ඇතුළු ගම්මාන රැසකට මෙම අයිස් වැසි ඇඳ හැලී පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.

මීට පෙර අවස්ථාවකදී ද මනම්පිටිය මහව ප්‍රදේශයේ ද අයිස් වැසි ඇද හැලී තිබුණා.

මාස 6 කට අධික කාලයක් පොළොන්නරුව සහ ප්‍රදේශ රැසකට පැවැති නියං තත්ත්වය හේතුවෙන් ගොවි ජනතාවට මහත් පීඩාවට පත්ව සිටි අතර පානීය ජල අර්බුදයකට ද මුහුණ පෑවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + 1 =