පොහොට්ටු වෘත්තිය සමිති නායකයෝ රැස මාධ්‍යවේදියාට පහර දෙති.

0
1377
- Advertisement -

ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතියක සාමාජිකයන් කිහිප දෙනෙකු විසින්, රැුස පුවත් පතේ මධුක තක්සල ප‍්‍රනාන්දු යන මාධ්‍යවේදියාට පහර දී ඇති බව වාර්තා වේ.

පහර දීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී මධුක තක්සල මහතා විසින් ලේක් හවුස් ආයතනයේ පාලනාධිකාරය වෙත පැමිණිලි කර තිබේ.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් වන, චන්දන බණ්ඩාර, ගයාන් බණ්ඩාර, චමීර ඇල්ලදෙණිය, නුවන් කොඩිකාර සහ හේමන්ත ඩෙප් යන අය විසින් මෙම පහර දීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

නව රජය බලයට පත් වීමෙන් පසුව, මාධ්‍යවේදී තක්සල ප‍්‍රනාන්දු මහතා ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාලනාධිකාරියට භාර දී ඇති අතර, දෙසැම්බර් මාසයේ 31 වන දින දක්වා සේවයට වාර්තා කරන ලෙස පාලනාධිකාරය ඔහුට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 3 =