පොහොට්ටු මන්තී‍්‍ර මාසෙකට හිරේ…!

0
937
- Advertisement -

2015 වසරේ මාවනැල්ල ප‍්‍රදේශයේ දී රාජකාරියේ නියුතු පොලිස් නිළධාරියෙකුට බැන – මරණ තර්ජනය කිරීමේ චෝදනා මත පවරා තිබූ නඩුවක වරද කරු වූ මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කේ.ජී. පියතිස්ස යන අය රුපියල් දහසක දඩයක් සමඟ මාසයක කාලයක් සදහා බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කර තිබේ. මාවනැල්ල මහේස්ත‍්‍රාත්, උපුල් රාජකරුණා විසින් අදාල නඩු තීන්දුව ලබා දී තිබේ. බන්ධනාගාර ගත වූ කේ.ජී.පියතිස්ස, පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ අයෙකි.