“පොහොට්ටු පක්ෂය සෞඛ්‍ය නිර්දේශ පිළිපදින්නේ නෑ.” මැතිවරන නිරීක්ෂණ සංවිධාන චෝදනා කරයි.

0
530
- Advertisement -

පොහොට්ටු පක්ෂය සෞඛ්‍ය නිර්දේශ පිළිපදින්නේ නෑ.
මැතිවරන නිරීක්ෂණ සංවිධාන චෝදනා කරයි.

පාලන බලය හිමි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය, ඔවුන්ගේ මැතිවරණ ක්‍රියාවලියේ දී, සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන නිර්දේශ නොතකා හරින බව, ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ අනෙකුත් දේශපාලන පක්ෂ චෝදනා කරයි.

පැෆරල් ආයතනය පවසන්නේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් පවත්වන ඡන්ද රැස්වීම් දෙස බැලීමේ දී, ඔවුන් සෞඛ්‍ය නිර්දේශ පිළිබදව සැලකිලිමත් නොවන බව බැලූ බැල්මටම පෙනෙන බවයි.

මේ සම්බන්ධයෙන් වූ පැමිණිලි තමන් වෙතද ලැබී තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතා ද පවසයි.