පොහොට්ටු පක්ෂයේ සම්මේලයට ශ‍්‍රීලනිප ය නොයයි…!

0
609
- Advertisement -
Share

හෙට දින පැවැත්වීමට නියමිත, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමු පක්ෂ සමුළුව සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිය සුබ පැතුම් එක් කරන බව එම පක්ෂයේ උපසභාපතිවරයෙකු වන, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡුා අවසානයට එළඹ නැති බැවින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම සමුළුවට සහභාගී නොවන බවද මහින්ද අමරවීර මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ඔවුන්ගේ පළමු සමුළුවට සහභාගීවන ලෙසට ආරාධනා කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෑම මන්ත‍්‍රීවරයෙකුටම ආරාධනා පත‍්‍ර යවා ඇති බව පැවසේ.

කෙසේ වෙතත්, තමන් ද ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සමුළුව සඳහා සහභාගී වන බව එස්.බී.දිසානායක මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + 12 =