පොහොට්ටුව වෙනතක් බලා ගැනීම ඉතා හොඳයි..!

0
741
- Advertisement -

මේ රටට මෑත ඉතිහාසයේ සිද්ධ වෙච්ච හොඳම දේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදු ජන පෙරමුණ වෙන්වීම විය හැකි යැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කර සිටින්නේ, සති අන්ත අනිද්දා පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් ලබා දෙමිනි. එම සම්මුඛ සාකච්ඡුාවේ දී මාධ්‍යවේදියා ඇසූ පැනයත්, ඊට වීරකුමාර දිසානායක මන්ත‍්‍රීවරයා ලබා දුන් පිළිතුරත් පහත පළ කරමු.

අනිද්දා : පෙනෙන විදිහට ශ‍්‍රිලනිපය උත්සාහ කරමින් ඉන්නේ නැවතත් රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂයක් බවට පත්වෙන්න නේද..?

වීරකුමාර දිසානායක : ශ‍්‍රීලනිපය අර්බුදයකට මුහුණ දුන්නා. අපේ පක්ෂයේ කණ්ඩායමක් අවසාන මැතිවරණය දක්වාම ශ‍්‍රීලනිපයේ නායකයන් විදිහට පෙනී ඉන්න අතරේ වෙන පක්ෂයක් හැදුවා. වෙන පක්ෂයක නාමයෝජනා ලැයිස්තු හැදුවා. ඔයවගේ තත්ත්වයකට රටේ ප‍්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක් විතරක් නෙවෙයි, සාමාන්‍ය නිවසක් ඇතුලේදී වුනත් මූණ දෙන්න ඉඩ තියෙනවා. ගෙදර ඉන්න කෙනෙක් ගෙදර දේවල් හොරකම් කරනවා වගේ දෙයක් අපට උනේ. එතැනින් පස්සේ අපි අමාරුකාලයක් ගත කරමින් ඉන්නවා. ඒත් අපි මේ තත්ත්වයෙන් ගොඩ යන්න ඕනෑ. අපි දැන් අලූත් සංවිධායකයන් පත් කරමින්, පාක්ෂිකයන්ව බදවා ගනිමින් නැවත නැගිටිනවා. ශ‍්‍රිලනිපය නැවතත් ලංකාවේ ප‍්‍රධාන පක්ෂය බවට පත් වෙනවා. අපට ඒ සදහා කලින් තිබුණාටත් වඩා සැලසුම් තියෙනවා. කලින් ආසන සංවිධායකයන් විතරයි හිටියේ. දැන් ආසන සංවිධායකවරුන්ට අමතරව ආසන කළමණාකරුවන් ඉන්නවා. දිස්ත‍්‍රික් කළමණාකරුවන් ඉන්නවා. ඊට අමතරව පක්ෂයේ විවිධ සංවිධාන හදලා තියෙනවා. ඒ සියල්ල ශක්තිමත් වෙන්න කාලයක් යනවා. කවුරුහරි අපේ දණිස්පොලූ කැඩුවා. අපට පහුවදාම ඇවිදින්න බෑ. මුලින්ම බෙහෙත් කරන්න ඕනෑ. හෙමින් හෙමින් තමයි ඇවිදින්න ඕනෑ. ඒත් මේ කතාවේ ලොකුම පොයින්ට් එක මම කියන්නම්. අපේ පක්ෂයේ හිටපු සාම්ප‍්‍රදායික, වියපත් දේශපාලනඥයන් ගොඩක් මේ පක්ෂයෙන් ගිහින් තියෙනවා. ඒ හිස්තැන් ගොඩක් අපි පිරෙව්වේ තරුණයන්ගෙන්. ඒ අනුව, ලංකාවේ තරුණම පක්ෂ යාන්ත‍්‍රණයක් අපට දැන් තියෙනවා. නැවුම්ම පක්ෂ යාන්ත‍්‍රණයක් තියෙනවා. සාම්ප‍්‍රදායික දේශපාලන නායකයන්ගෙන් අපි මිදුණා. අලූත්ම මිනිස්සු එක්ක නැවත ප‍්‍රතිසංවිධානය වෙලා අපි හැදෙනවා. මේක අභියෝගයක් බව ඇත්ත. ඒත් මේක ආශිර්වාදයක් කර ගන්න පුලූවන්. එහෙම වුණොත් රටට මෑත ඉතිහාසයේ දී සිද්ධ වෙච්ච හොඳම දේ ශ‍්‍රීලනියෙන් පොදුජන පෙරමුණ වෙන්වීම වෙන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × four =