පොහොට්ටුවේ රැලියට ගිය නිදහස් පක්‍ෂ සාමාජිකයන්ට විනය ක්‍රියාමාර්ග

0
261
- Advertisement -

ශ්‍රී ලංකා පොදුන පෙරමුණ විසින් පෙරේදා (11දා) පැවැත්වූ රැලියට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

අදාළ ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් සිදුකළ යුතු බවත්, ඉදිරි දිනවලදී මධ්‍යම කාරක සභාව රැස්වන බවත් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

පෙරේදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ රැලිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අනුශාසක මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගි වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − seven =