පොහොට්ටුවේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීට කොරෝනා. අයි.ඩී.එච් ගෙනියන්න කලින් ඡන්ද රැස්වීම් රැසක් සංවිධානය කරලා.!

0
2193
- Advertisement -

[මෙම ප‍්‍රවෘත්තිය අප උපුටා ගත්තේ, අජිත් පැරකුම් ජයසිංහ මාධ්‍ය වේදියා විසින් සංස්කරණය කරන ප‍්‍රජා පුවත් වෙබ් අඩවියෙනි. ලිපියේ මාතෘකාව පමණක් වෙනස් කර තිබේ.]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබියදී ඡන්දය වෙනුවෙන් ජනතාව ඒකරාශීකරමින් කුඩා ජනහමු ගණනාවක් පැවැත්වීමට සම්බන්ධ තිබේ. ඔහු මහ මැතිවරණයේ අපේක්ෂකයකු සමීපව ඇසුරු කර තිබේ. ඔවුන් සහභාගි වූ අවස්ථාවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් නායකයන් පවා සහභාගි වී තිබේ.

මේ වන විට එම මන්ත්‍රීවරයා අයිඩීඑච් රෝහලට ඇතුළත් කර තිබේ. එම දේශපාලකයා සමීපව ඇසුරු කළ තවත් ප්‍රාදේශීය දේශපාලකයන් පස්දෙනෙකු සෞඛ්‍ය අංශ මැදිහත් වී තමන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

ස්වයං නිරෝධායනයට යොමු කළ එක් දේශපාලකයකු රැකියාව කර තිබෙන්නේ කොළඹ-නුවර මාර්ගයේ ප්‍රසිද්ධ ඉහළ පෙළේ අවන්හලක මුදල් අයකැමිවරයකු ලෙසයි.

මෙම දේශපාලන උණකාරයන් විසින් වයිරසය කෙතරම් දුරට පතුරුවා හැර තිබේ ද යන්න සොයාගැනීම පවා දුෂ්කර විය හැකි ය.

පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට තවත් මාස හයක් තිබියදී, මෙවැනි අර්බුදකාරී තත්වයක් පෙනි පෙනී හදිසි මැතිවරණයක් පවත්වන්නට තීරණය කිරීම කොයි තරම් අමනෝඥ ක්‍රියාවක් ද යන්න දැන් ඔප්පු වෙමින් තිබේ.

පාලකයන් තවමත් වගකීමකින් යුතුව කටයුතු කරන බවක් නොපෙනේ. මෙවැනි පසුබිමක් තුළ මෙරට පුරවැසියන් වගකීමෙන් යුතුව හැසිරිය යුතු ය.

ඔවුන් මැතිවරණ පවත්වා ගත්තාවේ. මෙතෙක් ඉතිහාසය තුළ පාර්ලිමේන්තුවට පත් වූ කිසිවකුගෙන් මේ රටේ ජනතාවට සෙතක් වී නැත. ඔවුන්ගේ පටු පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර දීම වෙනුවෙන් ඔබ වසංගතවලට ගොදුරු වී මියයන්න එපා. කිසිදු ඡන්ද රැස්වීමකට සහභාගි වෙන්න එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 2 =