පොහොට්ටුවයි අතයි එකතු වීමේ සාකච්ඡාවට බැසිල් නෑ..!

0
597
- Advertisement -

ඉදිරි මැතිවරණ සඳහා එක්ව තරඟ කිරීමේ අරමුණෙන්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව බිහිකිරීමට යන පුළුල් දේශපාලන සංධානය පිළිබඳව සාකච්ඡාවක්, ඊයේ රාති‍්‍රයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ දී පැවැත් වී ඇත. මෙම සාකච්ඡුාව සඳහා මහින්ද රාජපක්ෂ, ජී.එල්.පීරිස්, දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, මහින්ද අමරවීර, තිස්ස විතාරණ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේශ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ඩග්ලස් දේවානන්ද, ඒ.එච්.එම් අතාවුල්ලා යන අය සහභාගී වී ඇත. සාකච්ඡුාව පැය දෙකකට ආසන්න කාලයක් පැවතී තිබේ. නව දේශපාලන සංධානයක් පිහිටුවීම සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පත් කරන ලද ඩලස් අලහප්පෙරුම කමිටුවට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකු එකතු කිරීමද ඊයේ දිනයේ දී සිදු වී ඇත. ඒ අනුව, දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, ඩග්ලස් දේවානන්ද සහ ඒ.එච්.එම් අතාවුල්ලා යන අය අලූත් සාමාජිකයන් ලෙස අදාල කමිටුවට එකතු වී තිබේ. කමිටුවේ කැදවුම්කරු ලෙස උදය ගම්මන්පිල මහතා පත් කර ගෙන ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + sixteen =