පොහොට්ටුවද පුටුවද ? විමල් ප‍්‍රසන්න ගම්මන්පිල මත ගැටුම්.

0
654
- Advertisement -

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප‍්‍රමුඛව ගොඩ නගන සංධානය පොහොට්ටුව ලකුණින් තරග කල යුතු බව, අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊට ප‍්‍රතිවිරුද්ධ මතයක් දරන විමල් වීරවංශ සහ උදයගම්මන්පිල වැනි අමාත්‍යවරු පවසන්නේ, පාර්ලිමේන්තු මැතිවරණය සදහා පුටුව ලකුණෙන් තරග කළ යුතු බවයි.

ජනාධිපතිවරණයට පෙර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අනෙකුත් පක්ෂ පොහොට්ටුව ලකුණින් තරග කරන ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කළේ, පාර්ලිමේන්තු මැතිවරණයේ දී වෙනත් පොදු ලකුණක් යටතේ තරග කිරීමට එකගතාවයක් ඇති කර ගනිමිනි.