පොහොට්ටුවට ඡන්දය දෙන්න යැයි කියන්න අපට බෑ..!

0
672
- Advertisement -

ඊයේ පස්වරුවේ කුරුණෑගල දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආන්දෝලනාත්මක ප‍්‍රකාශ කිහිපයක් සිදු කළේ ය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද ඇතුළු පොහොට්ටුව නියෝජනය කරන මන්ත‍්‍රීවරු රැසකගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූර සුරක්ෂිත වී ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා බව පැවසූ ජනාධිපතිවරයා, එළැඹෙන ජනාධිපතිවරණය සදහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන්නට තමන් සූදානම් වන්නේ, පොහොට්ටුව ලකුණ අතහැර වෙනත් ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ නම් පමණක් බවද කියා සිටියේ ය.

පොහොට්ටු පක්ෂය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඔවුන්ට ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින අතර, කිසිදු හේතුවකට පොහොට්ටුව ලකුණ අත් හැරීමට තමන් සූදානම් නැති බවද ප‍්‍රකාශ කරයි.

මේ අනුව, ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටු පක්ෂය අතර සංධානයක් ගොඩ නැගීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + nine =