පොසොන් සමය නිසා රජරට පාසල් වැසෙයි

0
735
- Advertisement -

පොසොන් සමයේ ආරක්ෂාව සදහා යොදවා ඇති ආරක්ෂක අංශ නිළධාරින්හට පහසුකම් සැළසිම වෙනුවෙන් (15 )වනදා සිට දහ අට(18) වනදා දක්වා මෙලෙස පාසල් වසා දැමිමට තිරණය කර තිබෙනවා.

අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් අ/මධ්‍ය මහා විද්‍යාලය, අ/මහ බෝධිමහා විද්‍යාලය, අ/සහිරා ජාතික පාසල, අ/වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, අ/ස්වර්ණපාලි බාළිකා මහා විද්‍යාලය, අ/විවේකානන්ද විද්‍යාලය, අ/ ශාන්ත ජෝශප් මහා විද්‍යාලය, තන්තිරිමලය විමලඥාන මහා විද්‍යාලය, අ/ දේවානම් පියතිස්ස මහා විද්‍යාලය යන විද්‍යාල ඒ සදහා යොදා ගැනෙනවා.

එසේම ගලෙන්බිදුනුවැව අධ්‍යාපන කළාපයට අයත් අ/මිහින්තලා මහා විද්‍යාලය හා අ/කම්මලක් කුලම විද්‍යාලයද මේ සදහා යොදා ගැනිම හේතුවෙන් වසා දැමිමට පියවර ගෙන ඇතැයි උතුරුමැද පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සදහන් කරයි.මෙලෙස වසා දැමෙන පාසල් යළි ලබන දහනව වනදා ආරම්භ කිරිමට පියවර ගෙන ඇතැයිද පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 1 =