පොලීසිය රයන්ගේ සහෝදරියගේ නිවස සෝදිසි කරයි.

0
604
- Advertisement -

මාකදුරේ මදූෂ් සමග අත් අඩංගුවේ පසුවන, ටෙලි නාට්‍ය රංගන ශිල්පී රයන් වැන් රෝයන්ගේ සහෝදරියගේ නිවස පොලිසිය විසින් අද දිනයේ පරීක්ෂාවට ලක් කර ඇත. අධිකරණයෙන් ලබා ගත් සෝදිසි කිරීමේ අවසර පත‍්‍රයක්ද සමඟ පොලිස් නිළධාරින් පානදුර පිහිටි අදාල නිවසට යන විටත්, නිවැසියන් වෙනත් නිවසක පදිංචියට යෑම සදහා සූදානමින් සිටි බව වාර්තා වේ. අළුත් නවාතැනට ගෙන යෑම සදහා ලොරිවලට පටවා තිබූ බඩු භාණ්ඩ පරීක්ෂා කර බැලූවත්, සැක සහිත කිසිවක් සොයා ගැනීමට පොලීසියට නොහැකි වී ඇත. අසල්වැසි නිවැසියන් විසින් දුන් ඔත්තුවකට අනුව මෙම පරීක්ෂා කිරීම සිදු කර ඇති බවයි පැවසෙන්නේ. විශේෂයෙන්ම, රාත‍්‍රියේ දී අති සුඛෝපභෝගී වාහන මෙම නිවසට පැමිණෙන බවත්, අමුත්තන් පැමිණි විගස නිවස තුළ විදුලි පහන් නිවා දමන බවටත්, පසුව පැමිණි අමුත්තන් හා නිවැසියන් නිවසේ සදළු තලයේ සාකච්ඡුා පවත්වන බවත් අසල්වැසියන් පොලීසියට කියා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 1 =