පොලීසියකට හෝ කතා නොකර තුන්සියයක් පිරිසක්, කටුගස්තොට පාලම මතට වී තරුණිය සියදිවි නසාගන්නා හැටි බලා සිටියි.

0
693
- Advertisement -

පොලීසියකට හෝ කතා නොකර
තුන්සියයක් පිරිසක්, කටුගස්තොට පාලම මතට වී තරුණිය සියදිවිනසාගන්නා හැටි බලා සිටියි.

කටුගස්තොට පාලමෙන් මහවැලියට පැන සියදිවි නසා ගත් තරුණිය බේරා ගැනීමට කිසිදු පියවරක් නොගෙන, තුන්සියයක පමණ පිරිසක්, එම සිදුවීම නරඹමින් සිට ඇති බව වාර්තා වේ.

ඇතැම් පිරිස් තරුණිය දියේ ගිලෙන ආකාරය ඔවුන් සතු ජංගම දුරකථන ඔස්සේ වීඩියෝගත කරමින් සිට ඇත.

සිදුවෙමින් තිබෙන කේදවාචකය, පාලම මත සිය වාහන නවත්වාගෙන නරඹමින් සිටි රියැදුරන් පහළොස් දෙනෙකුට පමණ පොලිසිය දඩකොල නිකුත් කර තිබේ.

වඩාත්ම ඛේදජනක තත්ත්වය වන්නේ, සිදුවීම නරඹමින් සිටි කිසිවෙකු තරුණිය බේරා ගැනීමට ඉදිරිපත් නොවීම යි. අඩුම තරමෙන්, සිදුවෙමින් පවතින දේ පිළිබදව පොලිසිය දැනුවත් කිරීමටවත් කිසිවෙකු උනන්දු වී නැත. ඔවුන් සිය සම්පූර්ණ අවදානයම සිදු වීම වෙත යොමු කරමින්, තරුණිය දියේ ගිලී මිය යන ආකාරය නරඹා ඇත.

පසුව පැමිණි කිමිදුම්කරුවන් විසින්, තරුණියගේ සිරුර ගොඩ ගෙන තිබේ.