පොලිසියේ නොවන පිරිසක් පොලිස් රාජකාරියට යොදා ගැනීම. යාපනය නගරාධිපති අත් අඩංගුවට ගනී.

0
367
- Advertisement -

පොලිසියේ නොවන පිරිසක් පොලිස් රාජකාරියට යොදා ගැනීම.
යාපනය නගරාධිපති අත් අඩංගුවට ගනී.


යාපනය නගරාධිපති වී මානිවානන් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලිස් නිළධාරීන් නොවන පිරිසක්, පොලිස් රාජකාරී සදහා යොදවා ගැනීම නගරාධිපතිවරයාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවයි.

ඊයේ දිනයේ දී පාර්ලිමේන්තුවේ දී ද මේ පිළිබදව ප‍්‍රශ්න කළ අතර, මෙම නගරාධිපතිවරයා ඊපීඞීපී සංවිධානයේ අයෙකු බව පැවසේ.

නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ත‍්‍රස්ත විමර්ෂණ ඒකකය මගිනි.

පොලිස් නිළධාරීන් ලෙස රාජකාරී කරන මෙම නිල නොවන පොලිස් බල ඇණියේ නිල ඇදුම, එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ පොලිස් ඒකකයේ නිල ඇදුමට සමාන ඇදුමක් බවට චෝදනා එල්ල වී තිබේ.

කෙසේ වෙතත්, මෙම නිල ඇදුම,කොළඹ නගර සභාවට අනුයුක්ත විශේෂ කාර්ය සාධක බලකායක නිල ඇදුමට සමාන නිළ ඇදුමක් බවත්, සමාජ මාධ්‍යයේ පළවන වාර්තා මත පදනම් ව පොලිසිය තමන්ට චෝදනා කරමින් සිටින බව යාපනය නගරාධිපතිවරයා පවසා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − eight =