පොලිස් රාජකාරියට බාධා කල එ.ජා.ප ප්‍රදේශිය සභා මන්ත්‍රීවරිය 30 දක්වා රිමාන්ඩ්.

0
713
- Advertisement -

පරුෂ වචයෙන් බැන වැදි පොලිස් නිළධාරීන්ට තර්ජනය කර ඔවුන්ගේ රාජකාරියට බාධා කිරිමේ චෝදනාවට අත් අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයෙ වෙන්නපුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරිය, පිසා සහ ඇගේ නැගණිය මාරවිල අදිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරිය ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල දිසා මහේස්ත්‍රාත් මහේන්ද්‍ර රාජා මහතා නියෝග කර ඇත.

මන්ත්‍රීවරියගේ පියා සහ නැගණියට රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරිමට මාරවිල දිසා මහේස්ත්‍රාත් මහේන්ද්‍ර රාජා මහතා නියෝග කලේය.

මෙලෙස ශරීර ඇප මත මුදා හැරුයේ සමන් අශෝක කුමාර් ප්‍රනාන්දු සහ 16 හැවිරිදි නිමාෂා නවාංජලි ප්‍රනාන්දු යන දෙදෙනායි.