පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන්
ජාලියට යන්න කියයි – අජිත්ට එන්න කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරය සදහා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත් කර තිබේ. මීට පෙර, ජ්‍යේෂ්ඨ පොලිස් පරීක්ෂක ජාලිය සේනාරත්න මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේ ය.
රිෂාද් බදියුදීන්ගේ සහෝදරයා අත් අඩංගුවට ගැනීම සහ පසුව ඔහු නිදහස් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ඔහු පළ කර තිබුණු අදහස් විවිධ පාර්ශ්වයන්ගේ විවේචනයට බදුන් විය.
එම සිදුවීම ආසන්නයේ දී ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඔහු ඉවත්කර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එම ධූරය සදහා පත් කර තිබේ.