“පොලිස් නිළධාරීන්ගේ වැඩ තහනම් කර ඇත්තේ, දරුවා අත් අඩංගුවට නොගැනීමේ වරදට.” පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

0
798
- Advertisement -
Share

“පොලිස් නිළධාරීන්ගේ වැඩ තහනම් කර ඇත්තේ, දරුවා අත් අඩංගුවට නොගැනීමේ වරදට.” පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

දර්ගා නගරයේ මාර්ග බාධකයක දී, ඔටිසම් තත්ත්වයෙන් පසුවන දරුවෙකුට හිරිහැර කිරීමේ සිදු වීමට අදාල පොලිස් නිළධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත්තේ, ඔවුන් එම දරුවාට හිරිහැර කිරීම නිසා නොව, ඒ මොහොතේ, අදාල නිළධාරීන් තිදෙනා, දරුවා අත් අඩංගුවට ගැනීමට කටයුතු නොකළ නිසා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ.

තමන්ට, සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටය නැරඹූ බව පවසා ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ, දරුවාට හිරිහැර කිරීමක් සිදු වන බව තමන් එම වීඩියෝවෙන් නොදකින බවයි.

එමෙන්ම, අදාල නිළධාරීන්, එම දරුවාට හිරිහැර කළ බවට වන සාක්ෂි කිසිවක් නැති බවද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකරවයා පවසා තිබේ.

දරුවා සමග සිදුවීම සිදුවන අවස්ථාවේදී, එම දරුවා ඔටිසම් තත්ත්වයෙන් පසුවන බවට අදාල නිළධාරීන්ට පෙනී ගොස් නැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙම වාර්තාව අප උපුටා ගත්තේ, සන්ඬේ මෝර්නිං පුවත් පතිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + fifteen =