පොලිස් නිළධාරියා යටකළ ඩිෆෙන්ඩරය පදවා ඇත්තේ රත්වත්තේ ඥාතී පුත්‍රයෙක්.

0
2001
- Advertisement -
Share

පොලිස් නිළධාරියා යටකළ ඩිෆෙන්ඩරය පදවා ඇත්තේ
රත්වත්තේ ඥාතී පුත්‍රයෙක්.

රාජ්‍ය බුද්ධිසේවයට අනුයුක්තව රාජකාරී කළ, පොලිස් නිළධාරියා අනතුරට ලක් කළ, ඩිෆෙන්ඩර් රථය පදවා ඇත්තේ, රත්වත්තේ පවුලට සම්බන්ධ ඥාති පුත්‍රයෙකු බව පැවසේ.

රිය අනතුරින් අදාල පොලිස් නිළධාරියා මිය ගොස් තිබුණු අතර, පොලිසිය විසින්, ඩිෆෙන්ඩරය පැදවූ අශාන්ත තරින්ද රත්වත්තේ නම් තරුණයා අත් අඩංගුවට ගෙන තිබේ.

නීති ශිෂ්‍යයෙකු වන අශාන්ත තරින්ද රත්වත්තේ, අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිට ඇති බව පැවසේ.

ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා වැටුප් ගෙවීමට ගෙන ආ මුදල් තොගයක් පැහැරගෙන පලාගිය පුහුණුවන විශේෂඥ වෛද්‍යවරයා අල්ලා ගැනීමේ ක්‍රියාන්විතයටද මියගිය පොලිස් නිළධාරියා සම්බන්ධ වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 13 =