පොලිස් අධිකාරී මාරු කර යවා පැය 48 යි. වෙන්නප්පුව හෙල්ලූ පාතාල නායකයා ඇප ලබා යළිත් වෙන්නප්පුවට පැමිණෙයි.

0
2097
- Advertisement -

පොලිස් අධිකාරී මාරු කර යවා පැය 48 යි.
වෙන්නප්පුව හෙල්ලූ පාතාල නායකයා
ඇප ලබා යළිත් වෙන්නප්පුවට පැමිණෙයි.

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාට ස්ථාන මාරුවක් ලබා දී, ඔහුගේ මෙහෙයවීම යටතේ තිබූ විශේෂ විමර්ෂණ ඒකකය විසුරුවා හැර පැය හතලිස් අටක් ගතවද්දී, වෙන්නපුව ප්‍රදේශය තුළ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවූ ඕලු මරා නමැති පාතාල නායාකයා, ඇප ලබා යළි ප්‍රදේශයට පැමිණ තිබෙන බව දිවයින පුවත්පත වාර්තා කරයි.

වධකාගාරයක් පවත්වාගෙන යෑම සහ කුඩු ජාවාරම මෙහෙය වීම ඕලු මරා නමැති පාතාල නායකයාට එල්ල වී තිබෙන ප්‍රධාන චෝදනා වේ.

මෙම පාතාලා නායකයා අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට කටයුතු කර ඇත්තේ, ස්ථාන මාරුවක් ලැබූ එරික් පෙරේරා නමැති සහකාර පොලිස් අධිකාරීවරයා විිසිනි.

ඇප ලබා ගැනීමේ හැකියාව තිබිය දී ත් මෙම පාතාල නායකයා, සහකාර පොලිස් අධිකාරිවරයාට ඇති බිය නිසා මෙතෙක් ඇප ලබා නොගත් බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × three =