පොරෝ පහර කෑ තිදරු පියා මරණය සමග පොර බදයි. වැලිගම පොලීසිය තවමත් සැකකරුවන් අත් අඩංගුවට ගෙන නෑ.

0
187
- Advertisement -
Share
4 / 100

පොරෝ පහර කෑ තිදරු පියා මරණය සමග පොර බදයි.
වැලිගම පොලීසිය තවමත් සැකකරුවන් අත් අඩංගුවට ගෙන නෑ.

දුමින්ද ප්‍රභාත් සංජීව නම් වන, වැලිගම පදිංචි තිදරු පියෙකු
කිසිවකු විසින් එල්ල කරන ලද පොරෝපහරකින් දැඩි ලෙස තුවාල ලබා මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

මේ වන විට තුවාලකරුගේ තත්ත්වය ඉතාමත් ම බරපතල බව පැවසේ.
සිය පියාට පහර දුන් අය පිළිබදව, ඔහුගේ දරුවන් පොලිසියට පැහැදිලිව පවසා තිබුනද, මෙතෙක් ඒ අය අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී නැත.

එම දරුවන්ගේ මව මේ වන විට ඕමානයේ ගෘහ සේවිකාවක ලෙස රැකියාවේ නිරතව සිටියි.
මේ මොහොතේ, ඇය ලංකාවට ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වී ඇති බව පවුලේ ඥාතීහු පවසති. නමුත් එයද සිදු නොවන තත්ත්වයකි ඇත්තේ.

දරුවන් බලා ගන්නේ, එම දරුවන්ගේ අම්මාගේ මව හෙවත් ආච්චි අම්මා විසිනි.
ආච්චි අම්මා ද හදිසි අනතුරකට ලක්ව ගිලන්ව සිටින බව පැවසේ.

සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට නොගැනීම, සිය පියාට පහර දුන් සැකකරුවන් පිළිබදව සාක්ෂි ඉදිරිපත් කළ හැකි දරුවන් තිදෙනාගේ ජීවිතයට ද තර්ජනයකි.

පොලිසියෙන් අප කළ විමසීමක දී, මෙතෙක් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නොහැකි වූ බව පොලිසිය ද පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + 5 =