පෙරටුගාමී උද්ඝෝෂණයේ දී, ජීප් රථයට වීසි කළ තරුණිය සහ තවත් තිදෙනෙක් තවමත් රෝහලේ.

0
564
- Advertisement -
Share

පෙරටුගාමී උද්ඝෝෂණයේ දී, ජීප් රථයට වීසි කළ තරුණිය සහ තවත් තිදෙනෙක් තවමත් රෝහලේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වන ලද උද්ඝෝෂණය විසුරුවා හැරීමේ දී, පොලිසිය විසින්, පොලිස් ජීප් රථය තුළට වීසි කර දැමූ තරුණිය සහ තවත් තුන් දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව, එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ පවසයි.

පොලිසිය විසින්, ජීප් රථයට වීසි කළ තරුණිය, රශ්මි දිව්‍යාංජලී නම් වන අතර, එම සිදු වීමෙන් ඇයගේ කොන්ද ආබාධයට ලක්ව තිබේ.

පොලිස් පහර දීමෙන් තුවාල ලබා සිටින 70 හැවිරිදි නැණසීලි ද සිල්වා මහත්මියත්, දුමින්ද නාගමුව මහතාත්, තාරක විජයභාහු නම් තවත් අයෙකුත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × one =