පෙත්සම් විභාගය අවසන්වනතුරු අනුර කුමාර සහ ශානි අබේසේකර කොමිසම හමුවට නොකැදවයි..!

0
289
- Advertisement -
Share

පෙත්සම් විභාගය අවසන්වනතුරු
අනුර කුමාර සහ ශානි අබේසේකර
කොමිසම හමුවට නොකැදවයි..!

ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක, ශානී අබේසේකර යන අය විසින්, දේශපාලන පළිගැනීම් සොයා බැලීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිසම හමුවට ඔවුන් නොකැදවන ලෙස ඉල්ලා, අභියාචනාධිකරණයට රිට් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම රිට් පෙත්සම්, අභියාචනාධිකරණය විසින් විමර්ෂණය කර අවසන් වන තුරු, අනුර කුමාර දිසානායක, ශානී අබේසේකර සහ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන රජයේ නීතීඥ ජනක බණ්ඩාර යන අය, ජනාධිපති කොමිසම හමුවට නොකැදවන බව එම කොමිසම අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

ඇවන්ට්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව, සාක්ෂි විමර්ෂණය සදහා මීට පෙර ඔවුන් කැදවා තිබුණු අතර, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පෙන්වා දී තිබුණේ, රාජ්‍ය නිළධාරින්ට සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබදව සොයා බැලීමට පත් කළ කොමිසමක් හමුවේ පැමිණිලි ඉදිරිපත් කිරීමට, රාජ්‍ය සේවකයෙකු නොවන නිශ්ශංස සේනාධිපතිට හැකියාවක් නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − 5 =