පූර්ණ අනුග‍්‍රහයක් යටතේ විශේෂ ප‍්‍රභූවරු පිරිසක් රැගත් ගුවන් යානාවක් 29 වන දා නයිරෝබි බලා පිටත් වෙයි…?

0
496
- Advertisement -

පූර්ණ අනුග‍්‍රහයක් යටතේ
විශේෂ ප‍්‍රභූවරු පිරිසක් රැගත් ගුවන් යානාවක්
29 වන දා නයිරෝබි බලා පිටත් වෙයි…?

විශේෂ ප‍්‍රභූවරු පිරිසක් රැුගත්, ශ‍්‍රී ලංකා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානාවක් එළැඹෙන 29 වන දා කෙන්යාවේ නයිරෝබි බලා පියාසර කිරීමට නියමිත බව ඬේලි මිරර් පුවත්පත වාර්තා කර සිටියි.

මෙම ගුවන් යානයෙන් නයිරෝබි බලා රැුගෙන යන විශේෂ ප‍්‍රභූ කණ්ඩායම සතියක කාලයක් නයිරෝබි නුවර රැුදී සිටීමට නියමිත ය.

කොරෝනා වසංගතය හේතුවෙන් මුහුණ දීමට සිදුව තිබෙන මූල්‍ය අර්බුදය හමුවේ ගුවන් සේවා කාර්ය මණ්ඩලය පවා කප්පාදුවකට ලක් කර තිබෙන මොහොතක, ශ‍්‍රී ලංකා ගුවන් සමාගම සතියකට වරක් කොළඹ සිට නයිරෝබි බලා සෘජු ගුවන් වාරයක් දියත් කිරීමට නියමිත බව පුවත්පත පවසයි.

එහි පළමු ගමන්වාරය සලකුණු කිරීමක් ලෙස, අපේ‍්‍රල් 29 වන දා විශේෂ ප‍්‍රභූන් රැුගත් ගුවන් යානය නයිරෝබි බලා යාමට නියමිතය.

මෙම ප‍්‍රභූන් අතරට, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන් සහ නිරූපිකාවන් ඇතුළත් බව දැනගන්නට ඇතැයි පුවත්පත වාර්තා කරයි.

අපේ‍්‍රල් 29 වන දා සිදු වීමට නියමිත මෙම විශේෂ ගුවන් ගමන සංවිධානය කරනු ලබන්නේ මයිලීන් සමූහය යනුවෙන් හදුන්වන ව්‍යාපාරික සමාගමක් විසින් බව පුවත්පත පවසයි.

අපේ‍්‍රල් 29 වන දා සිදුකරන සංචාරය සදහා එම සමාගම ශ‍්‍රී ලංකා ගුවන් සේවයට ගෙවීම් සිදු කරන්නේ ද යන්න නැද්ද යන්න තවමත් තහවුරු වී නැති බවද පුවත්පත වාර්තා කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + 17 =