පූජිත හා හේමසිරි අධිකරණයට පැමිණෙයි

0
780
- Advertisement -

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මේ වනවිට පැමිණ තිබෙනවා.

ඒ, පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරිම සහ වගකීමෙන් බැහැර වී සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට අනුබල දීමේ චෝදනාව මත පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහායි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මොවුන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහරිනු ලැබුවේ පසුගිය 9 වනදායි.

මෙම ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධිත අයදුම්පතක්ද ගොනුකර තිබෙනවා.