පූජිත සහ හේමසිරි අත්අඩංගුව ගනු..!

0
617
- Advertisement -
Share

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන අය කෙසේ හෝ අත් අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉහළින් බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීම සඳහා කටයුතු නොකිරීම ඔවුන්ට එරෙහිව එල්ල කිරීමට සූදානමින් සිටින චෝදනාවයි. පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කර ඇති අතර, එහි සාක්ෂි ලබා දීම සදහා හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන අය මීට පෙර සහභාගී වී තිබුණි. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා විසින් තමන් අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර ඇති අතර, එම පෙත්සම විභාගයට ගෙන තීන්දුවක් ලබා දීමට පෙර පොලිස්පතිවරයා අත් අඩංගුවට ගැනීම ඉහළ දේශපාලන අධිකාරයට අවශ්‍යව ඇති බව පෙනී යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + sixteen =